ලබාදුන් එන්නත් 460,000 ඉක්මවා යද්දී - රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයෙන් කළ ඉල්ලීම
Monday, 01 March 2021 - 8:38 | Views - 290
ඊයේ (28) දිනයේ කොරෝනා මරණ 7ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගියා.

මෙලෙස මරණ වාර්තාවී තිබුණේ කුරුණෑගල, අනුරාධපුරය, ගම්පහ, රුක්ගහවිල, දෙමළගම, කොළඹ පහ සහ පන්නිපිටිය ප්‍රදේශවලින්.

මේ අතර ඊයේ (28) දිනයේ නව ආසාදිතයන් 352 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 83,242 ක් දක්වා ඉහළ ගියා.

වාර්තා වූ ආසාදිතයන්ගෙන් 346 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ හතරදෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 79,089ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තවදුරටත් ආසාදිතයන් 3,824 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 78,947 ක්.

එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 24,374 කට කොවිෂීල්ඩ් එන්නත ලබාදී ඇති අතර, ඒ අනුව මෙතෙක් එන්නත් ලබාදී ඇති මුළු සංඛ්‍යාව හාරලක්ෂ 66,350 ක්.

මේ අතර, දැනට සේවයේ නියුතු වයස අවුරුදු හැත්තෑ පහේ සීමාවේ සිටින උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා ද කොරෝනා එන්නත ලබාදෙන ලෙස රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සභාපති දුශ්‍යන්ත කරුණානායක රජයෙන් ඉල්ලීමක් කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top