පෙරපාසලට ගිය කොරෝනා - ළමුන් 35ක් නිරෝධායනයේ
Thursday, 25 February 2021 - 15:29 | Views - 3,427

වදුරඹ කොකාවල ප්‍රදේශයේ 39 වියැති  කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඇයගේ දරුවා යන පෙර පාසලේ දරුවන් 35ක්‌, එම පවුල්වල අයවලුන් හා ගුරුවරියන් නිරෝධානයට ලක්‌ කර බවත් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.     

මෙම කාන්තාවගේ පෙර පාසල් යන දරුවාගේ උපන්දිනයක් ඉකුත් දින පැවති අතර එවිට පෙර පාසලේ කේක් කපා ඒවා සැවොම අනුභව කර ඇත. එබැවින් මෙම දරුවා සමග අනෙකුත් දරුවන් සමීපව ඇසුරු කිරීම නිසා ඔවුන් නිරෝධනයට යොමු කර තිබේ. ආසාදිත කාන්තාවගේ දරුවා ප්‍රථමයෙන් පී සී ආර් පරීක්ෂණ සදහා යොමුකොට ඉන් ලැබෙන වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරණ බැව් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පි.නවරත්න මහතා පැවසීය.                                                             

කොරෝනා ආසාධිත කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරණ අයකු බවත් එනමුදු ඔහු මාසයක කාලයක්‌  නිවාඩු ලබා නිවසට පැමිණ නැති බවත් සෞඛ්‍ය නිලධාරීහු පවසති.

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පි. නවරත්න මහතා ප්‍රමුඛ නිලධාරීහු මෙම රාජකාරින් ඉටු කරමින් සිටිති.


(සිරිනිහාල් ගමගේ)  
   ලංකාදීප 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top