සාමාන්‍ය පෙළ දරුවන් නිසා හෙට ඇරෙන - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
Thursday, 25 February 2021 - 13:10 | Views - 954
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස එනම් හෙට (2021.02.26) වන දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව තැබෙන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සදහන් කර තිබෙනවා.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින එහෙත් තවම හැදුනුම්පත් ලබා නොගත් දරුවන්ට හැදුනුම්පත් නිකුත් කිරීම සදහා පමණක් හෙට දිනයේ විවෘතව තබන බවයි සදහන් වන්නේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල , කුරුණෑගල , වව්නියාව හා මඩකලපුව යන දිස්ත්‍රික්ක වල පිහිටි පළාත් කාර්යාල මෙසේ විවෘතව තැබේ. හෙට පෙරවරු 8:30 සිට පස්වරු 1:00 දක්වා මේ සදහා විභාගයට ඉදිරිපත් වන දරුවන්ට අවස්ථාව හිමිවන බව සදහන්.
එසේම මේ සදහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසිලෙස සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත් රැගෙන පැමිණිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article