රහසේම සැගවුණු චතුරිකා යලිත් ගොඩ ගැනීමට හේතු වූ, සහෝදරියගේ සත්‍ය කථාව (video)
Thursday, 25 February 2021 - 10:46 | Views - 482
“උඹලා සැකයි කියන්නේ සාක්කි තියෙනවාද ඇහුවා..
වෙන ගෑනු එක්ක ඉන්න ෆොටෝ තියෙනවා කිව්වා...”

“නැතිවෙන්න කලින් දවසෙත් කෝල් කළා... රෑ යද්දි එල්ලිලා හිටියා දැක්කා..”

පසුගිය වසරේ දෙසැම්බර් මස 23දා සියදිවි හානි කරගත්, යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදුකෙරුනා.

ඒ එම දේහය ගොඩගන්නා ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් කළ නියෝගයකට අනුවයි.

මෙම තරුණිය යක්කල ප්‍රදේශයේ කුලී නිවසක් තුළදී දිවි හානි කරගෙන ඇති අතර දෙසැම්බර් 26දා ඇගේ දේහය භූමදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම මරණය පිලිබඳ මියගිය කාන්තාවගේ පියාට සහ සහෝදරියන්ට පසුව සැකයක් මතු වී ඇති බව සඳහන්.

ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් ආර්.එස්.එම්. මහේන්ද්‍ර රාජා නියෝග කර ඇත්තේ දේහය ගොඩ ගන්න ලෙසයි.

පසුව රතුපස්වල සුසාන භුමියේ වලදමා තිබු දේහය ඊයේ  (24) නැවත ගොඩ ගෙන තිබෙනවා.

ඒ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් ඉදිරිපිටයි.

ගොඩ ගත් දේහය වතුපිටිවල රෝහලට ගෙන යාමට නියම කල නමුත් පියාගේ සහ සහෝදරියන්ගේ ඉල්ලීමක් මත දේහය යලි රාගම ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබෙනවා.

දේහය පිලිබඳ ඉදිරි පරීක්ෂණ රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් අද දින සිදු කිරීමට නියමිතයි.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top