පාස්කු වාර්තාව ගැන නිදහස් පක්ෂයේ තීන්දුව අද
Thursday, 25 February 2021 - 8:44 | Views - 341
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද රැස්වනවා.
ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී මෙම හමුව අද පස්වරු 05 ට ආරම්භ වන අතර, එහිදී පක්ෂයට නව නිලධාරීන්ද තෝරා පත් කර ගැනීමට නියමිතයි.
එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පක්ෂයේ මතය අද ප්‍රකාශ කිරීමට නියමිත බවයි පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ.
Share This Article