තේරී පත්වුණු නීතිඥ සංගමයේ නව සභාපතිවරයා
Thursday, 25 February 2021 - 8:19 | Views - 353
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නිතීඥ සාලිය පීරිස් තේරී පත්වුණා.
ඊයේ පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 85 ක් තුළ ඊට අදාළව ඡන්ද විමසීම පැවැති අතර, ඒ සඳහා ජනාධිපති නිතීඥවරුන් වන සාලිය පිරිස් සහ කුවේරද සොයිසා තරඟ කරනු ලැබුවා.
එහිදි ඡන්ද 5162 ක් ජනාධිපති නිතීඥ සාලිය පීරිස් ලබා ගත් අතර, ජනාධිපති නිතීඥ කුවේර ද සොයිසාට ලබා ගත හැකි වුයේ ඡන්ද 2807 ක් පමණයි.
එහිදි වැඩි ඡන්ද 2355 කින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නිතීඥ සාලිය පීරිස් තේරි පත් වුණා.
එහි ලේකම් ධුරය සඳහා නිතරඟයෙන් පත් වුණේ නිතිඥ රජිව් අමරසුරියයි.
Share This Article