රෝගීන් අපහසුතාවයට පත් කළ - සුළු සේවක වර්ජනය
Wednesday, 24 February 2021 - 13:50 | Views - 506
කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක සුළු සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.
නොදන්වා ආරම්භ කෙරුණු මෙම වර්ජනය හේතුවෙන් අද උදෑසන රෝහලවලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මෙසේ දුෂ්කරතාවට පත්වුණා.
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන නිලධාරින් රෝහල් වලට යොමුකළ බවට චෝදනා කරමිනුයි මෙලෙස මොවුන් වර්ජනයක් ආරම්භ කර ඇත්තේ.
මේ අතර, රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට ඇතුලත් කර නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදියී.
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් පිරිස් සෞඛ්‍ය සේවයට ඇතුලත් කර ගන්නා බවට පතුරවා හැර ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.
Share This Article