ආසාදිතයන් වැඩි ප්‍රදේශ සදහා ලැබුණු එන්නත්කරණය හමුවේ - බෝනොවන රෝග වලින් පෙලෙන අයටද එන්නත ලබා ගන්නැයි ඇරයුම්
Wednesday, 24 February 2021 - 13:14 | Views - 580
බෝනොවන රෝග වලින් පෙලෙන පුද්ගලයන් කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම කිසිදු ගැටලුවක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

 ඔහු කියා සිටියේ ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බවයි.

 බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ එහි සේවය කරන විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 3200 ක් මේ වනවිට කොරෝනා එන්නත් ලබාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

 මේ අතර, පොලිස් නිලධාරින් 15,331 දෙනෙකුට මේ වනවිට එන්නත් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

 
මේ අතර, ඊයේ ආසාදිතයින් හාරසිය අනූ දෙදෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81,009 දක්වා ඉහළ ගියා. සුවය ලැබූ සමස්ත  ආසාදිතයින්ගේ සංඛ්‍යාව 75,842 ක්. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 453 ක් ලෙසයි.

 මේ අතර, රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.කපිල පෙරේරා සඳහන් කළේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන මාර්තු 15 වනදා ආරම්භ වන බවයි.

 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස පළමුවනදා ආරම්භ වන බැවින් මෙලෙස පළමු පාසල් වාරය අදියර දෙකක් යටතේ පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top