නොසැලකිල්ල හමුවේ අහිමිව යන ජීවිත
Wednesday, 24 February 2021 - 11:17 | Views - 633
ඊයේ සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට මත්තල දෙසට ධාවනය කිරීමේදී කිලෝ මීටර් 104 කණුව අසලදී මත්තල දෙසට ධාවනය වූ කැබ් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගෙන යන ලද ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු සහ ඉදිරිපස ගමන් කල තවත් පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු මලෙයිකදු මධ්‍යම, සමන්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරගාරයේ තබා තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ. කැබ් රථයේ රියදුරු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි සදහන් වන්නේ.
අනතුර සම්බන්දයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඉමදුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article