මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හාරසිය අනූ දෙදෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 88 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 53 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වනවා.
අනෙකුත් ආසාදිතයින් 248 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.