ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද
Wednesday, 24 February 2021 - 8:42 | Views - 357
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද පැවැත්විමට නියමිතයි.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 85 ක් තුළ පැවැත්වෙන නිලවරණයේදී නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නිතීඥවරුන් වන කුවේරද සොයිසා සහ සාලිය පීරිස් තරඟ වදිනු ඇති.
රටේ පවතින තත්ත්වය හමුවේ නිලවරණය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වෙන අතර, ඡන්දදායකයින් සඳහා කොළඹ අධිකරණය තුළ දිසා අධිකරණ පරිශ්‍රයේ ඡන්ද මධ්‍යස්ථාන තුනක් විවෘතව පවතිනවා.
දිගු පෝලිම්වල රැඳී සිටීමකින් තොරව සියලුම ඡන්දදායකයින්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා අවස්ථාව ලැබෙනු ඇති බවයි නීතිඥ සංගමය පවසන්නේ.
Share This Article