තවමත් නොවිසදුනු කොරෝනා බිය..
Wednesday, 24 February 2021 - 8:27 | Views - 199

ඊයේ ආසාදිතයින් හාරසිය අනූ දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81,009 දක්වා ඉහළ ගියා.
ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 76,905 ක්.
දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 4,714 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් හත්සිය තිස් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 75,842 ක් වනවා.
එමෙන්ම, තවත් කොරෝනා මරණ 03 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 453 දක්වා ඉහළ ගියා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වත්තල, නුවරඑලිය සහ වලපනේ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් තුන් දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි. ඔවුන් 75, 76 සහ 83 යන වයස්වල පසුවූවන්.
මේ අතර, බන්ධනාගාර නිලධාරීන් සහ එම ආයතනවල සේවය කරනු ලබන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 3200 කට මේ වනවිට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article