පාලනයේ මුලසුනට ලැබුණු එන්නත..
Tuesday, 23 February 2021 - 13:38 | Views - 304
ඉන්දියාවේ සීරම් ආයතනයෙන් කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් මිලියන 10 ක් ලබාගැනීම වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත එංගලන්තයේ මව් සමාගමෙන් ඍජුවම මිලදී ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

මේ අතර, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රමුඛතා ලැයිස්තුව මත පමණක් කොරෝනා එන්නත් ලබාදීම වහාම නැවත ක්‍රියාවට නංවන ලෙසයි.

කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ද එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රශ්න යොමුවූ අතර එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ඊට පිළිතුරු ලබාදුන්නා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද එන්නත ලබාගෙන ඇති බවයි.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයන් 80,517  ක් වාර්තා වන අතර, පුද්ගලයන් 75,110 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 450 ක් ලෙසයි.  
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top