"450" තෙක් ඉහල ගිය කොරෝනා මරණ මැද ,ආසාදිතයින් "80,000" ඉක්මවයි.
Tuesday, 23 February 2021 - 8:01 | Views - 558
ඊයේ ආසාදිතයින් 518 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,517 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 76,413 ක්.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 4,957 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 811 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 75,110 ක් වනවා.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 450 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ දූනගහ, නුගේගොඩ, කොළඹ 12, මිනුවන්ගොඩ සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 05 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඔවුන් අවුරුදු 33, 82, 69, 83 සහ 77 යන වයස්වල පසුවන්නන්.

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ  නඩු භාණ්ඩ භාර ගැනීමේ කටයුතු ලබන 28 වනදා දක්වා තාවකාලිකව නතර කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත ලබාදීම අද දිනයේත් සිදුකෙරෙන අතර මේ වනවිට මන්ත්‍රීවරුන් 75කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා එන්නත් ලබාගෙන ඇති බව සඳහන්.

එසේම, නිරන්තරයෙන් ඇස් කන්නාඩි පළඳින පුද්ගලයින්ට කොරෝනා වැළඳීමේ ප්‍රවනතාවය තුන් ගුණයකින් අඩු බව ඉන්දියානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

පර්යේෂකයන් විසින් පුද්ගලයින් 304 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇස් කන්නාඩි පැළඳ සිටින අය ඔවුන්ගේ මුහුණ අඩුවෙන් ස්පර්ශ කිරීම හේතුවෙන් වෛරසය ආසාදනය වීමේ අවදානම අඩු බවයි.

මේ අතර, කොවිඩ් 19 රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග වලදී සිදුව ඇති ප්‍රමාදයන් නිවැරදි කර ගැනීම සහ එන්නත්කරණ ක්‍රියාවලියේදී මතුවී ඇති අපැහැදිලි තැන් නිවැරදි කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top