සති අන්තයේ ධාවනයෙන් නතර කෙරෙන දුම්රිය..
Monday, 22 February 2021 - 13:53 | Views - 729
පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන්, කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
(එළබෙන සිකුරාදා දින සිට ඉරිදා දින දක්වා සති අන්තය ) 2021.02.26 දින පෙ.ව 08:00 සිට 2021.02.28 දින ප.ව 08:30 දක්වා කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ග වසා තැබෙන බවයි සදහන්.
මෙම කාලසීමාව තුල කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බැවින් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ කොළඹ කොටුව සිට කටුනායක දුම්රිය ස්ථාන අතර පමණි.
2021.02.28 වන දින ප.ව 08:30 සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වන බවද වැඩිදුරටත් සදහන්.
Share This Article