දුරදිග ගිය පවුල් ආරවුල, බිලිදා සහ මව එලොව යවයි.
Monday, 22 February 2021 - 12:57 | Views - 459
බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද සමඟ ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් සිය දියණිය සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක්.

නිවස අසල ඉඩමක ඇති අඩි 40ක් පමණ ගැඹුරු ළිඳක තිබූ අදාල කාන්තාවගේ සහ දියණියගේ සිරුරු දැක ඇති ඥාතීන් විසින් ඒ සම්බන්ධයෙන් බිබිල පොලීසියට දැනුම්දී තිබෙනවා.

හමුදා රජකාරියේ නිරත සිය සැමියා සමඟ ඊයේ රාත්‍රියේ දුරකථනය ඔස්සේ මෙම කාන්තාව බහින් බස් වීමක් සිදුවූ බවත් ඉන් පසුව ඇය දියණිය ද සමඟ නිවසේ නොසිටි බවත් එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවක් පොලිසියට පවසා තිබෙනවා.

පසුව සිය බිරිඳ සහ දරුවා සම්බන්ධයෙන් සොයා බලන ලෙස සිය සහෝදරයා දුරකථන ඇමතුමක් දී දන්වා සිටි බවයි නිවසේ සිටි කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඒ වනවිටත් දෙදෙනාම නිවසේ නොසිටීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමේදී අසල්වැසි ඉඩමක තිබූ ළිදක් තුල පාවෙමින් තිබියදී  ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top