වැඩිම ආසාදිතයින් වාර්තා වීම, නොනවතින කොළඹ නගරය..
මෙරටින් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 518 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් එකසිය විසි දෙදෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
එසේම, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 85 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 64 දෙනෙකුද ඊයේ (21) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතර වනවා. අනෙක් ආසාදිතයින් 247 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා.