කොවිඩ් බියෙන් ගැලවෙන කණ්නාඩි පළදින්නන්..
Monday, 22 February 2021 - 9:22 | Views - 685
ඇස් කන්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වැළඳීමේ ප්‍රවනතාවය තුන් ගුණයකින් අඩු බව සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියානු පර්යේෂකයින් පිරිසක් විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බවයි.

පර්යේෂකන් විසින් පුද්ගලයින් 304 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇස් කන්නාඩි පැළඳ සිටින අය ඔවුන්ගේ මුහුණ අඩුවෙන් ස්පර්ශ කිරීම හේතුවෙන් වෛරසය ආසාදනය වීමේ අඩු අවදානමක් ඔවුන්ට පවතින බවයි.

සෑම පුද්ගලයෙකුම පැයකට 23 වතාවක් තම මුහුණ ස්පර්ශ කරන අතර තුන්වරක් ඇස් ස්පර්ශ කරන බවයි මෙම සමීක්ෂණය සිදුකළ පර්යේෂකයින් සඳහන් කරන්නේ.

පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ දීර්ඝ කාලීනව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් නිරන්තරයෙන් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකීම සිටීම හේතුවෙන් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය විමේ අඩු ප්‍රවනතාවයක් දක්නට ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top