මරුවා කැදවූ, බහින්බස් වීම ..
Monday, 22 February 2021 - 9:09 | Views - 703
ඊයේ රාත්‍රී විලගමුව, හෙට්ටිපොල ප්‍රදේශයේදී පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු විල්ගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මරණකරු අවුරුදු 40 ක් වන හෙට්ටිපොල විල්ගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි සදහන් වන්නේ.
මෘත ශරීරය විල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති බවයි වැඩිදුරටත් සදහන් .
ඝාතනය සිදුකල සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර , බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article