උදාරගේ උපන් ගමට පෑයු හිරු කිරුළ..
Monday, 22 February 2021 - 8:46 | Views - 4,345
සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් ඵල ගැන්වූ Hiru star Season 2 අවසන් මහා තරඟයේ කිරුළ හිමිකර ගත් උදාර කෞෂල්‍ය ඊයේ විශේෂ රිය පෙරහරකින් අහුංගල්ල, සිය උපන් බිම වෙත පැමිණියා.
 
ඒ මඟ දෙපස සිට ආශිර්වාද කළ රසික ජනතාවගේ සුබ පැතුම් මධ්‍යයේයි.
 
ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂක ජනතාවට නවමු අත්දැකීම් ලබාදෙන හිරු ටී.වී. මෙරට රියැලිටි වංශ කතාව තුළ ප්‍රේක්ෂක ජනතාව කිසි දිනෙක නොවිදි අත්දැකීමක් එක් කරමින් Hiru star තරඟාවලිය ආරම්භ කළා.
 
ජංගම දුරකථන යෙදවුමක් හරහා සජීවීව මනාපය පළ කරමින් තරඟකරුවන් ඉදිරි වටවලට තෝරා ගැනීම Hiru star තරඟාවලියේදී ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වූයේ මෙරට රියැලිටි ඉතිහාසයේ ප්‍රථම වරටයි.
 
එමෙන්ම ජනතා මනාපයේ විනිවිදභාවය තහවුරු කරමින් මනාපය පළ කරන්නන්ගේ රුව ද දැවැන්ත ඩිජිටල් තිරය මත දිස්වූයේ ලොව නවීනතම ක්‍රියාවලියක අත්දැකීම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත සමීප කරමින්.
 
ඒ අනුව ශ්‍රී ලාංකීය රියලිටි ඉතිහාසයේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන වටිනාම තිළිණ වෙනුවෙන් හිරු ලයිෆ් ස්ටූඩියෝ පරිශ්‍රයේදී Hiru star Season 2 කිරුළ වෙනුවෙන් තරඟ වැදුණේ හොරණ - විශ්ව ප්‍රභාත්, අහුංගල්ලේ - උදාර කෞශ්‍යල්‍ය, හොරණ - අමන්දා පෙරේරා සහ බොරැල්ලේ - දිල්ශාන් මධුරංගයි.
 
හිරු ස්ටාර් කිරුළ හිමි කර ගත් උදාර කෞෂල්‍යට රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීනතම ජීප් රථයක්, මුදලින් රුපියල් මිලියන දෙකක් සහ රුපියල් මිලියන 5ක් වටිනා දෘශ්‍ය ගීත 12ක් ඇතුළත් සංගීතමය ඇල්බමයක් ද හිමි වුණා.
 
හිරු ස්ටාර් කිරුළ හිමිකර ගත් උදාර කෞෂල්‍ය සිය උපන් ගම වූ අහුංගල්ල ප්‍රදේශයට ඊයේ පෙරවරුවේ ගමන් ආරම්භ කළේ බෙන්තර පාලම අසලින් ඇරඹුණු  විශේෂ රිය පෙරහරකින්.
 
තමන් අභිෂේක ගැන්වූ සුපිරි තරුව දැක බලා ගැනීමේ අරමුණින් රසික රසිකාවියන් මග දෙපස රැදී සිටියා.
 
උදාර කෞෂල්‍ය රැගත් රිය පෙරහර ඉඳුරුව, කොස්ගොඩ, අහුංගල්ල, බලපිටිය පසුකරමින් අම්බලන්ගොඩ නගරය දක්වා ගමන් කළ අතර ජනතාව සිය සහෘදයාට උණුසුම් සුබ පැතුම් එක් කළා.
 
හිරු ස්ටාර් දෙවන අදියරේ සුපිරි තරුව වූ උදාර කෞෂල්‍ය පසුව සිය උපන්ගම වූ අහුංගල්ල ප්‍රදේශයට පැමිණියේ ඊයේ පස්වරුවේයි.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top