පාසල් දරුවන්නුත් ආසාදනයින් බවට පත් කළ සැරිසරන කොවිඩ් බිය..
Saturday, 20 February 2021 - 13:01 | Views - 854
ඊයේ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් 517 දෙනාගෙන් වැඩිම පිරිසක් එනම් 152 කුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 28,592 කු වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 111 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

මේ අතර, හංවැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ සමීප ආශ්‍රිතයන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් පොලීසියේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, බගවන්තලාව ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට සහ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ටත් කොරෝනා ආසාදනය වී ඇති බවයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියා සිටියේ.

මීට පෙරද එම පාසලේ සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සේවකයින් 13 දෙනෙකුටද කොරෝනා ආසාදිත වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top