අනතුරට ලක් වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ රථය..
Saturday, 20 February 2021 - 11:30 | Views - 296
හලාවත - ආණමඩුව මාර්ගයේ පල්ලම - සේරුකැළේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් ගත් මෝටර් රථය අද උදෑසන අනතුරට ලක්වීමෙන් එහි රියදුරු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, අනතුරෙන් අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර තුවාල ලැබූ රියදුරු ඇතුළු තුන් දෙනා ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Share This Article