ආසාදිතව සිට නිවසට එවීමෙන් පසු මියගිය අඩු වයස් කත..
Saturday, 20 February 2021 - 10:30 | Views - 1,556
“ඔක්කොම බ්ලේම් එක යන්නේ පී.එච්.අයි....
මගේ රාජකාරිය මම ඕනෑවටත් වඩා කරලා තියෙනවා...”

මෙරට ජනගහනයෙන් සියයට 60කට කොවිෂීල්ඩ් එන්නත ලබාදීම රජයේ ඉලක්කය බව රාජය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

එහිදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට වැඩි අවදානය යොමුකරන බවයි ඇය සඳහන් කළේ.

මේ අතර තවත් ආසාදිතයින් 248 කු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 78,768ක් දක්වා ඉහළ ගියා.

කොවිඩ් දෙවැනි රැල්ලෙන් බස්නාහිර පළාතෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබෙනවා.

තවමත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

මේ අතර දෙවැනි රැල්ලේ මරණ සංඛ්‍යාවද 417ක් දක්වා ඉහළ ගියා.

ගෙවුණු පැය 24 තුළ ආසාදිතයින් 514 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 78,420ක් දක්වා ඉහළ ගියා.

වැඩිම ආසාදිතයින් කොලඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 105ක්.

මේ අතර තවත් මරණ 8ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙමටගොඩ, කොළඹ 8, මීගොඩ, රිදීමාලියද්ද, දෙකටන, කොළඹ 10, කෙසෙල්වත්ත සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 20ක තරුණියක්ද ඒ අතර වීම විශේෂත්වයක්.

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවා නිවසට එවීමෙන් පසු පසුගියදා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

එම මරණ සම්බන්ධයෙන් ප්‍ර දේශයේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තේ මෙලෙසින්...

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top