නරුම ආශාවල් වලින් පිරුණු පුද්ගලයෙකුට අවසානයේ අත් වූ ඉරණම..
“නෝනා මාව සැක කරන් නෑ, එයා දන්නවා.
මම වරදක් කරන් නැහැ කියලා...”
අපේ ජීවිතේ කොයි විදිහට කොයි අතක ගලාගෙන යනවාද කියලා කියන්න අපි හරියටම දන්නෙ නැහැ.. ඉතින් ඒ විදිහට ගලාගෙන යන ජීවිතේ මුණ ගැහෙන "මිනිස් අවතාර" කියවගන්න එක අපිට ඒ හැටිම පහසු කාරණාවක් නෙවෙයි.
මේ කතාවත් ඒ විදිහට ජීවිතේ අතරමං වෙච්ච මිනිසෙකු ගැන ඇදහිය නොහැකි සත්‍ය කතාවක්...
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 153 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....
මේ කතාව උපාලි ගැනයි....
උපාලි කියන්නේ සතුටින් තමන්ගේ පවුල් ජීවිතය ගෙන ගිය මැදිවියේ හාදයෙක්. ඔහුගේ බිරිඳ වගේම එකම පුත්‍රයාත් ඔහුට බෙහෙවින් ආදරය කළා.
මේ කැදැල්ල සතුටින් පිරී ඉතිරී තිබුණත්, උපාලිගේ අසම්මත සහ අසීමිත ආශාවන් නිසා ඒ හැමදේම වෙනස් වෙනවා. උපාලිට "සරෝජනී" කියන නාඳුනන ගැහැනියව මුලින්ම මුණ ගැහෙන්නේ "මිස් කෝල්" එකකින්.
මේ දෙන්නාගේ සම්බන්ධේ නොහිතපු විදිහට දිග් ගැස්සෙනවා. ඒකේ අවසානය නම් ඒ තරම් හොඳ එකක් වෙන්නෙ නැහැ. උපාලිට තමන්ගේ ගෙදර රාජකාරිත් ඒ විදිහටම අමතක වෙලා යනවා...
තමන්ගේ මුළු ජීවිතයම අර ගැහැනිය වෙනුවෙන් යට කරන්න ඔහු සුදානම් වුණා. ඒ විදිහට "රූම්" ගානේ යන්න පටන්ගත්ත මේ "අමුතු ආදර කතාව" කෙළවර වුනේ මෙහෙමයි.....
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
ධනුෂ්කගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......