ටික් ටොක් චීන මෘදුකාංග යෙදවුමට එරෙහිව යුරෝපා රටවල් 15 ක පාරිභෝගික ආරක්ෂක අධිකාරීන්ට පැමිණිලි ලැබී ඇති බව විදෙස් වාර්තා ප්රකාශ කළා.
ඒ, ටික් ටොක් මෘදුකාංගය, ළමා අයිතීන් හා පෞද්ගලිකත්වයට අදාළ නීති ඇතුලු යුරෝපා පාරිභෝගික නීතීන්ට පටහැනි බවට යුරෝපා පාරිභෝගික ආරක්ෂක සංවිධානය සිදුකළ අනතුරු ඇඟවීමකින් පසුවයි.
අදාළ මෘදුකාංගය තුළින් වක්ර ලෙස වෙළඳ දැන්වීම් ඉදිරිපත් කරන බවටත්, වෙනත් වානිජ අරමුණු ඉටුකරගන්නා බවටත් යුරෝපා පාරිභෝගික ආරක්ෂක සංවිධානය චෝදනා කරනවා.