මරණ බියකට ලැබුණු සැනසුම - දෙවෙනි එන්නත අනිවාර්ය වෙයි
Friday, 19 February 2021 - 14:14 | Views - 1,432

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 514 දෙනාගෙන් 105 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ ඊයේ ආසාදිතයින් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කෙරෙන අතර බම්බලපිටිය, නාරාහේන්පිට, වැල්ලවත්ත, බොරැල්ල, මරදාන, කොටහේන සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 19ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වෙන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 68 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 51 දෙනෙකු බැගින් හඳුනාගෙන ඇති අතර, මාතලෙන් 25 දෙනෙකු, අම්පාරෙන් 24 දෙනෙකු, කෑගල්ලෙන් 19 දෙනෙකු වාර්තා වුණා.
මේ අතර, කොරෝනා මර්දනය සඳහා පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය අද පෙරවරු 10ට ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. මෙරටින් සීග්‍ර ව්‍යාප්තියක් සහිත බි්‍රතාන්‍ය නව කොරෝනා වෛරස් ප්‍රභේදය හමුවීම සම්බන්ධයෙන් මෙන්ම දැනට රට තුළ ක්‍රියාත්මක කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබාදීමේ වැඩසටහනේ අවසන් දිනය වන අදත් නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී එන්නත්කරණ කටයුතු සිදු කෙරුණා.
එමෙන්ම, බන්ධනාගාරවල නිලධාරීන්ට අද දිනයේදීත් කොරෝනා එන්නත ලබාදීම බන්ධනාගාර පුහුණු පාසලේදී සිදුකෙරෙනවා. පසුගිය දින 3 පුරාවටම බන්ධනාගාර නිලධාරීන් 1700කට එන්නත ලබාදී තිබුණා. බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 4725 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 4428 දෙනෙකුම පූර්ණ සුවය ලබා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර, දෙහිඕවිට සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 33 දෙනෙකු ඊයේ වාර්තාවී තිබෙනවා. ඉන් 31 දෙනෙකුම සීතාවක කර්මාන්තපුරයට සම්බන්ධ ආසාදිතයින් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ.
මේ දක්වා දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 570ක්. දෙහිඕවිට - සපුමල් කන්ද වතුයායේ එකම පවුලේ සාමාජිකයින් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගෙන තිබෙනවා.
මේ අතර, ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 75 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලෙන් අද උදෑසන දිවයිනට පැමිණියා. එමෙන්ම තවත් ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු ඕමානය බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ද ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.
Share This Article