අඩු වී යන ආසාදිතයන් මැද - ඊයේ මරු වැලද ගත් අඩු වයස් කත..
Friday, 19 February 2021 - 10:14 | Views - 1,842

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයෙකු එහි දෙවන මාත්‍රාව ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
පළමු මාත්‍රාව ලබාදී සති 10 ත් 12 ත් අතර කාලය තුළ එහි දෙවන මාත්‍රාව ලබාදීමට බෝවන රෝග පිළිබඳ උපදේශක කාරක සභාව ඊයේ ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව දෙවන මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබා ගැනීම සිදුකළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබාදීමේ වැඩසටහනේ අවසන් දිනය අදයි.
පසුගිය දින තුන තුළ එන්නත ලබාගැනීම සඳහා කථානායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් නාරාහේන්පිට යුද හමුදා රෝහලට පැමිණ තිබුණා.
එමෙන්ම, බන්ධනාගාරවල නිලධාරීන්ට අද දිනයේදීත් කොරෝනා එන්නත ලබාදීම බන්ධනාගාර පුහුණු පාසලේදී සිදුකෙරෙනවා.
පසුගිය දින 3 පුරාවටම එන්නත ලබාදුන් අතර මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 1700කට වැඩි පිරිසකට එන්නත ලබාදී ඇති බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.
බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 4725ක් වාර්තා වනවා.
මේ අතර, ඊයේ දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 514ක් වාර්තා වීම සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 78,420 දක්වා ඉහල ගියා.
ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 501 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 13 දෙනෙකු ද ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගැණුනා.
එමෙන්ම නව මරණ 08 වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගියා.
මියගිය අය අතර අවුරුදු 20ක තරුණියක්ද වනවා.
Share This Article