දුරදිග ගිය ආරවුල 38 හැවිරිදි පුද්ගලයෙකු එලොව යවයි..
Friday, 19 February 2021 - 9:34 | Views - 405
ඊයේ රාත්‍රී මහව, ඉහල නෙත්තිපලගම ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී එක් පුද්ගලයෙකු පොල්පිතිගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වන පිරිමි පුද්ගලයෙකු බවයි සදහන් වන්නේ.
මරණකරු කෝන්වැව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.
මෘත ශරීරය පොල්පිතිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
Share This Article