ගම්පොල කාන්තාවගේ, මාරයා වූ පදික මාරුව..
Thursday, 18 February 2021 - 11:36 | Views - 530
ඊයේ උදෑසන ගම්පොල, නාවලපිටිය මාර්ගයේ නාවලපිටිය දෙස සිට ගම්පොල දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව ගම්පොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
අනතුර සම්බන්දයෙන් ලොරි රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බවයි සදහන් වන්නේ.
මරණකාරිය අවුරුදු 65ක් වන වරකාපිටිය උලපනේ ප්රදේශයේ පදිංචි කාරියකි. මෘත ශරීරය ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article