ප්‍රතිශක්තිය කොරෝනා පරදයිද ? වාර්තාව ඉදිරි සතියේ ..
Thursday, 18 February 2021 - 9:02 | Views - 265
කොරෝනා වෛරසයට එරෙහිව කොළඹ නගරයේ ජනතාව තුළ ප්‍රතිශක්තිය ගොඩනැගී ඇති පිරිස් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය ආරම්භ කළ පර්යේෂණයේ වාර්තාව ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට නියමිතයි.
එහි අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ කොළඹ නගරයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් ඔවුන් තුළ ප්‍රතිදේහ ගොඩනැගී ඇත්ද යන්න පිළිබඳව මෙහිදී පර්යේෂණ සිදුකර ඇති බවයි.
එමෙන්ම එන්නත්කරණ ක්‍රියාවලියටද මෙම පර්යේෂණයේ දත්ත ඵලදායී ලෙස යොදාගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.
Share This Article