ඉහල ගිය කොවිඩ් මරණ මැද නොනැවතුණු කොවිඩ් එන්නත..
Thursday, 18 February 2021 - 8:29 | Views - 506
නව කොරෝනා මරණ 13ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහල ගියා.

මෙය මෙරට කොරෝනා ආරම්භයේ සිට මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි දැක්වෙන්නේ.

මීට පෙර මෙරට දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව දැක්වුණේ 9 ක් ලෙසයි. අවුරුදු 46 ත් 86 ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 12 දෙනෙකු සහ එක් කාන්තාවක් මියගිය අය අතර වනවා.

එමෙන්ම ඊයේ දිනයේ නව ආසාදිතයන් 722 කු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 77,906 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 713 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 73,870 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන්කළේ.

එමෙන්ම විදේශයන් හි සිට පැමිණි 9 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගැනුනා.

ඒ අනුව ආසාදිතයන් 6,308 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 71,176 ක්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට කොරෝනා එන්නත ලබාදීමේ කටයුතු අද දිනයේද සිදු කෙරෙනවා.

එමෙන්ම පාසල් තුළ සංවිධාන කෙරෙන කථික හා විවාද තරග, රුක් රෝපණ වැඩසටහන් වැනි විෂය සමගාමී වැඩසටහන් මෙන්ම විශාල වශයෙන් සිසුන් එක් රැස් නොකරමින් සිදුකරන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශිත ක්‍රීඩා ඉසව් පැවැත්වීමට අවසර හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top