මගීන් වැඩිවීම හමුවේ ,අද සිට බස් රථ වලට නීති දැඩිවේ..
Wednesday, 17 February 2021 - 16:57 | Views - 756
ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික මගී බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද සිට දැඩි කරන බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයන ලෙසට නිකුත් කළ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක බවයි.
එහෙත් බොහෝ බස් රථ හිමියන් එය උල්ලංඝනය කරමින් නියමිත ප්‍රමාණය ඉක්මවා මගීන් බස් රථයට නංවාගෙන, ඉහළ නැංවූ ගාස්තු අය කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙසට පැනවූ කොන්දේසිය හේතුවෙන් බස් රථ හිමියන්ට සිදුවන පාඩුව අවම කිරීම සඳහා සාමාන්‍ය ගාස්තුව සියයට විස්සකින් වැඩි කිරීමටයි පසුගියදා රජය තීරණය කළේ.
Share This Article