පොල් කඩන පුද්ගලයා කොටු වූ ඝාතනය..
Wednesday, 17 February 2021 - 13:53 | Views - 501
බූස්ස - රුපීවල ප්‍රදේශයේ දී පසුගිය 6 වන දා විශ්‍රාමික ගුරුවරියක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පොල් කඩන පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මුදල් කොල්ල කෑමේ අරමුණෙන් අදාළ විශ්‍රාමික ගුරුවරිය ඝාතනය කර ඇති අතර, අනෙක් පුද්ගලයා සැකකරු විසින් ඝාතනය කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බවට අනාවරණ වී තිබෙනවා.
මොහු සමග මෙම ඝාතනවලට සම්බන්ධ වූ තවත් අයෙකු සොයා විමර්ශනයක් සිදුකරන බවයි රත්ගම පොලීසිය කියා සිටියේ.
Share This Article