කොරෝනා පහවයන ලකුණු පහලවේ..
Wednesday, 17 February 2021 - 10:19 | Views - 19,236
ගෙවුණු සතියේ ලොව පුරා කොරෝනා මරණ වාර්තා වීම සියයට 10කින් සහ ආසාදිතයින් වාර්තා වීම සියයට 16කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩනම් ගෙබි්රයේසස් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ අප්‍රිකානු සහ බටහිර පැසිෆික් කලාපයේ ආසාදිතයින් වාර්තා වීම සියයට 20කින් අඩු වී ඇති බවයි.
එමෙන්ම, අග්නිදිග ආසියානු කලාපයේ ආසාදිතයින් වාර්තා වීම සියයට 13කින් සහ ඇමරිකානු කලාපයේ ආසාදිතයින් වාර්තා වීම සියයට 16කින් අඩු වී තිබෙනවා.
යුරෝපා කලාපයේ ආසාදිතයින් වාර්තා වීම ගෙවුණු සතියේ සියයට 16කින් අඩු වී ඇති බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ පමණක් රෝගීන් වාර්තා වීම සියයට 7ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් එකොලොස් කෝටි 15,714ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 24 ලක්ෂ 28,087ක් ලෙසයි.
Share This Article