පුද්ගලික ආරවුල මරණයෙන් අවසන් වෙයි.
Tuesday, 16 February 2021 - 16:20 | Views - 439
ඊයේ රාත්රීයේ පරසන්ගස්වැව, හතරේ ඇල ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු අයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඉන්පසු ඇය මියගොස් ඇති බවයි පරසන්ගස්වැව පොලිසිය සදහන් කලේ.
මරණකාරිය වයස අවුරුදු 74ක් වූ, 4 ඇල, පරසන්ගස්වැව ලිපිනයේ පදිංචිකාරියක් බවයි සදහන් වන්නේ.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු වූ ඇති අතර ඝාතනය සිදුකල සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පරසන්ගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article