දරුවන් අත්හැර දමා ,අවුරුදු විසිදෙකක තරුණයෙකු සමග පැණ ගිය තිස්පස් වියැති කත..
Tuesday, 16 February 2021 - 15:40 | Views - 923
ඇයට බාලවයස්කාර දරුවන් තිදෙනෙකුම සිටිනවා...

ආදරවන්තයන්ගේ දිනයේ 35 හැවිරිදි මව සිය බාලවයස්කාර දරුවන් තිදෙනා විවාහක සැමියාට බාරදී අවුරුදු 22ක තරුණයෙකු සමඟ දීග යෑමේ සිද්ධියක් අම්පාර උනන පොලිසියෙන් වාර්තා වනවා.

තිස්පස් හැවිරිදි තිදරු මවගේ මව කර තිබූ පැමිණිල්ලකට අනුව දෙපාර්ශවයේම කණ්ඩායම් කැඳවා පැමිණිල්ල විභාග කරනු ලැබූවේ උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. ඩී. එන්. කරුණාරත්න මහතා විසිනුයි.

මෙම තිදරු මව අවුරුදු 16ක් වන වැඩිමල් පුතුගේ 22 හැවිරිදි මිතුරෙකු සමඟ පවත්වාගෙන ගොස් ඇතැයි කියන සම්බන්ධයක් ගැන පැමිණිලි විභාගයේදී අනාවරණය වුණා.

තිස්පස් හැවිරිදි කාන්තාවගේ මව පොලිසියට සිද්ධිය පැමිණි කරමින් තම දියණියගේ මේ සම්බන්ධය නතර කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

දරු තිදෙනා ගැන සිතා මේ අනියම් සම්බන්ධය නතර කර යහපත් පවුල් ජීවිතයක් ගත කරන ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කරුණු අනාවරණය කර දුන්නත් ඇය අදාළ තරුණයා සමඟ යන බව තරයේම පවසා ඇති බව සඳහන්.

තරුණයා සමඟ නොයන ලෙස සැමියා ද බිරිඳට ඇවිටිලි කර ඇතත් තමා තරුණයා සමඟ යන බව ඇය කියා තිබෙනවා.

දරු තිදෙනා සැමියාට බාර කළ කාන්තාව සිය අනියම් සැමියා සමඟ පිටත්ව ගිය බවයි පොලිසිය සඳහන් කළේ.



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
මෙම ලිපියේ උපුටා ගැනීම "ලංකාදීපයෙන්."
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top