තම බිරිඳට ආදරවන්තයන්ගේ දිනයේදී සෝචනීය ඉරණමක් අත්කර දුන් නරුම සැමියා..
Tuesday, 16 February 2021 - 14:18 | Views - 234
තත්ත්වය බරපතළ වීමෙන් රෝගියා පානදුරෙන් කොළඹට..

තත්ත්වය බරපතළ වීමෙන් රෝගියා පානදුරෙන් කොළඹට

ආදරවන්තයන්ගේ දින ස්වාමි පුරුෂයා එල්ල කරන ලද මන්නා පහරින් බරපතළ තුවාල ලැබූ බව කියන බිරිඳක් පෙරේදා (14 දා) පස්වරුවේ රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.

මවගේ විළාප හඬ ඇසී පහළ මාලයට  දිවගොස් බැලීමේදී ඇය කුස්සියේ ලේ ගලමින් වැටී සිටි බවත්, ඒ අසල මන්නයක් අතැතිව සිය පියා කෑගසමින් සිටිනු දැක ඇති බවත් තුවාල ලැබූ තැනැත්තියගේ දියණිය පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.

අතට සිදුවූ කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට රැගෙන ආ කාන්තාව බරපතළ තත්වයේ පසුවූ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප‍්‍රකාශකයකු පැවසීය.

අනතුරින් රෝහල් ගතකර ඇත්තේ පානදුර, අලූබෝමුල්ල බෙලිකැලේ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් පරිදි , පොලිස් පරීක්ෂකවරුන් වන රෝහණ ද සිල්වා සහ ලිවේරා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.


ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - බණඩාරගම
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top