කොළඹ කැලිකසල ප්‍රශ්නයට, විදුලියෙන් ලැබුණු විසදුම..
Tuesday, 16 February 2021 - 13:21 | Views - 381
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඝන අපද්‍රව්‍ය විදුලි ජනන බලාගාරය හෙට දිනයේදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
මෙහිදී කොළඹ නගරයේ දෛනිකව එකතු වන කසල ටොන් 700ක ප්‍රමාණයකින්, දෛනිකව මෙගා වොට් 10ක විදුලියක් නිපදවීමට බලාපොරොත්තු වන බවයි ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කලේ.
කෙසේ වෙතත් කොළඹ නගරයට හිරිහැරයක්ව පැවති කසල ගැටලුවට පිළියම් ලැබෙන මෙම ව්‍යාපෘතිය අගමැති මහින්ද රාජපක්ෂ අතින් ආරම්භ වීමට නියමිත බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
Share This Article