මාමාගේ හිසට ගල්වලින් පහරදී ඝාතනය කලැයි, බෑනා සැකපිට අත් අඩංගුවට..
Tuesday, 16 February 2021 - 11:10 | Views - 377
ඊයේ දන් කොටුව ඇටියාවල ප්රදේශයේදී පුද්ගලයෙකුගේ හිසට ගල්වලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා දන්කොටුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි දන්කොටුව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ.
මරණකරු අවුරුදු හැට පහක් වූ ඇටියවල, දන්කොටුව ලිපිනයේ පදිංචිකරුවෙකි.
කලක සිට තිබු පුද්ගලික ආරවුලක් දුරදිග යාම නිසා මෙම ඝාතනය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් මරණකරුගේ බෑනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවද සදහන්.
මේ වන විට මෘත ශරීරය දන්කොටුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර දන්කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article