ආදරවන්තයින්ගේ දිනයදා මත් වූ පෙම්වතුන්ගේ සාදයට හදිසියේ පැමිණි අය.. (වීඩියෝ)
Tuesday, 16 February 2021 - 10:03 | Views - 375
ආදරවන්තයින්ගේ දිනය දී තිබූ පසුගිය 14 වනදා සමාජ මාධ්‍ය ‍ඔස්සේ ප්‍රසිද්ධ හෝටල් තුළ සංවිධානය කරන ලද මත්පැන් සාද 03ක් සුරාබදු නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

මොරටුව, බොරලැස්ගමුව හා උණවටුන යන ප්‍රදේශයන් හිදී මෙම වැටලීම් සිදුකර ඇති අතර එහිදී විදේශ මත්පැන් මිලි ලීටර් 49,300ක් සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්නයි.

මෙම සාද සඳහා සහභාගී වීමට ප්‍රවේශපත්‍ර කලින් වෙන් කර ගැනීමෙන් අනතුරුව සුරාබදු නිලධාරීන් උපාය දූතයින් ලෙස සාද සඳහා සහභාගී වී මෙම වැටලීම සිදුකළ බවයි සුරාබදු දෙපාර්තමේන්තු සඳහන් කළේ.

මෙම සාද සඳහා සහභාගී වූ පෙම්වතුන් හට විදේශ මත්පැන් අධික මිල ගණන් යටතේ විකිණීම සිදුකර ඇති අතර සුරාබදු අවස්ථා බලපත්‍ර ලබාගැනීමකින් තොරව මෙම සාද සියල්ලම සංවිධානය කර තිබූ බවයි එම දෙපාර්තමේන්තු වැඩිදුරටත් සඳහන් කළේ.

වැටලීමේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් උනවටුන, අනුරාධපුර සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වන අතර මොවුන් ගාල්ල, මොරටුව හා ගල්කිස්ස යන මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතුකර තිබුණා.

මේ අතර මිරිස්ස ප්‍රදේශයේ හෝටල් දෙකක පැවැත්වූ මෙවැනිම සාද දෙකක් දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වටලා තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top