දරුවන් දෙදෙනෙකු ඝාතනයට තැත් කල මවක්..
Tuesday, 16 February 2021 - 9:27 | Views - 345
අවුරුද්දක් පමණ වයසැති තම බිළිඳු පුතුට සහ තුන් හැවිරිදි දියණියට වස පොවා, මවක් වස පානය කිරීමේ සිද්ධියක් දඹුල්ල - යාපාගම ප්‍රදේශයෙන් වාර්තාවුණා.

ඊයේ (15) මෙලෙස වස පානය කළ මව සහ ඇගේ දරුවන් දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර, දරුවන්ගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පොළොන්නරුවේ සිට දඹුල්ල - යාපාගම ප්‍රදේශයට පැමිණ එහි තාවකාලික පදිංචිව සිට ඇති අදාළ කාන්තාවගේ සැමියා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුලී රථ රියදුරෙකු බවට හෙළිවී තිබෙනවා.

ඔවුන් දෙදෙනා අතර කළක සිට ආරවුල් පැවති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර, අදාළ කාන්තාව දරු දෙදෙනාද සමඟ ගොස් වස පානය කර ඇත්තේ  දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදියි.

අනතුරුව ඔවුන් මාර්ගයක් අසළ වැටී සිටින බවට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් විසින් මෙම මව සහ දරුවන් දෙදෙනා රෝහල් ගත කර තිබෙනවා.

දඹුල්ල පොලීසිය සඳහන් කළේ දරුවන් දෙදෙනාට වස පොවා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ මවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top