දරුවන් දෙදෙනෙකු ඝාතනයට තැත් කල මවක්..
අවුරුද්දක් පමණ වයසැති තම බිළිඳු පුතුට සහ තුන් හැවිරිදි දියණියට වස පොවා, මවක් වස පානය කිරීමේ සිද්ධියක් දඹුල්ල - යාපාගම ප්‍රදේශයෙන් වාර්තාවුණා.
ඊයේ (15) මෙලෙස වස පානය කළ මව සහ ඇගේ දරුවන් දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර, දරුවන්ගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
පොළොන්නරුවේ සිට දඹුල්ල - යාපාගම ප්‍රදේශයට පැමිණ එහි තාවකාලික පදිංචිව සිට ඇති අදාළ කාන්තාවගේ සැමියා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුලී රථ රියදුරෙකු බවට හෙළිවී තිබෙනවා.
ඔවුන් දෙදෙනා අතර කළක සිට ආරවුල් පැවති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර, අදාළ කාන්තාව දරු දෙදෙනාද සමඟ ගොස් වස පානය කර ඇත්තේ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදියි.
අනතුරුව ඔවුන් මාර්ගයක් අසළ වැටී සිටින බවට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් විසින් මෙම මව සහ දරුවන් දෙදෙනා රෝහල් ගත කර තිබෙනවා.
දඹුල්ල පොලීසිය සඳහන් කළේ දරුවන් දෙදෙනාට වස පොවා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ මවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.