ඉහළ ගිය කොරෝනා මරණ හමුවේ එන්නත්කරණය තවදුරටත්..
Tuesday, 16 February 2021 - 9:04 | Views - 371
නව මරණ 06ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 400 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව නව මරණ සංඛ්‍යාව දැක්වන්නේ 403ක් ලෙසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අවුරුදු 48ත් 80ත් අතර, වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු සහ කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි.

එමෙන්ම නව ආසාදිතයන් 774 දෙනෙකු ඊයේ (15) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 76,428ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 764 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 10 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ආසාදිතයන් 6,614 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 69,411 ක්.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 ඒ, වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් ඊයේ (15) රාත්‍රියේ සිට හුදකලා බවින් ඉවත් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අද (16) සිට ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඒ අනුව කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 224 දෙනාටම ලබන සිකුරාදා දක්වා යුද හමුදා රෝහලේදී එන්නත ලබාදීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් 5,100 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම අද (16) බන්ධනාගාර පුහුණු පාසලේදී ආරම්භ කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක ප්‍රකාශ කළා.

දැනට ආරම්භ කර ඇති පාසල්වල සිසුන්ගේ පැමිණීම සියයට 70 ඉක්මවා වාර්තාවී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

එමෙන්ම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරිනියකට කොරෝනා ආසාදනයත් සමඟ තාවකාලිකව වැසූ ආයතන අංශ කිහිපයක් අද (16) සියලු රාජකාරි කටයුතු සඳහා විවෘත කෙරෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top