කොරෝනා නිසා පිඩාවට පත් පෞද්ගලික බස් රථ හිමියන්ට ලැබෙන ණය සහන..
Tuesday, 16 February 2021 - 8:49 | Views - 480
කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික වශයෙන් දුෂ්කරතාවට පත් පෞද්ගලික බස් රථ හිමියන්ට රාජ්‍ය බැංකු හරහා රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් සහ ප්‍රවේශ පත් නිකුත් කිරීමේ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තවත් රුපියල් 50,000 ක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.
එහි සංකේතාත්මක ණය ප්‍රදාන ලිපි බස් රථ හිමියන් 27 දෙනෙකුට ලබාදීම ඊයේ (15) ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදු කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේගේ ප්‍රධානත්වයෙන්.
Share This Article