අද සිට මහජනතාවට ලැබෙන කොවිඩ් එන්නතෙන් - බස්නාහිරට ලැබෙන ප්‍රමුඛතාව..
Monday, 15 February 2021 - 13:13 | Views - 700
කෝවිඩ්-19 වයිරසය මර්දනය සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්‍ට්‍රා සෙනෙකා එන්නත අද(15) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව කෝවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙය සිදුකෙරෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
මෙම එන්නත බස්නාහිර පළාතට පළමුව ලබාදෙන අතර, මුල් අදියරේදී අවදානම් කලාපවල සිටින පිරිස හඳුනාගෙන ඔවුන්ට ලබාදෙන බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article