පාසල් ගිය පළමු දිනයේම, නොයෙන ගමන් යන්නට සිදු වූ පුංචි ප්‍රදීෂ් ..
Monday, 15 February 2021 - 10:29 | Views - 220
පළමු ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා සිය මව සමඟ පාසලට යමින් සිටි සිසුවෙකු ලොරියකට යටවී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
බදුල්ල, අසේලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වරුන් ප්‍රදීෂ් නමැති සිසුවා අද (15) උදෑසන මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
සිය මව සමඟ පාසලට යමින් සිටින අතර තුර සිසුවා පාසල ආසන්නයේදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර අනතුරින් තුවාල ලැබූ මව ද බදුල්ල මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article