මැතිසබයෙන් සිදු වූ ප්‍රථම කොවිඩ් 19 මරණය වාර්තා වෙයි.
කොවිඩ් 19 ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මිය යන විට ඔහු 80 වන වියේ පසුවුණා.කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් වි.ජ.මු. ලොකුබණ්ඩාර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය දෙවැනිදායි.අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණා.එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ලොකුබණ්ඩාර ඊයේ (14) පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ බව ඔහුගේ පුත් උදිත ලොකුබණ්ඩාර තහවුරු කළා.1941 වසරේ අගෝස්තු 5 වැනිදා හපුතලේදී උපත ලැබූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ 1977 වසරේදී.එතැන් සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු 2004 වසරේ සිට 2010 වසර දක්වා ශ්‍රී ලංකාවේ 06 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළා.එමෙන්ම වි.ජ.මු. ලොකුබණ්ඩාර 2010 වසරේ සිට 2015 වසර දක්වා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.
ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතින්ට අනුකූලව අද (15) කොටිකාවත්ත ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.