කොවිඩ් එන්නත ලබාගැනීමෙන් අනතුරුව දුරුවන මත්පැන් දුම්වැටි පානය.
Friday, 12 February 2021 - 16:48 | Views - 304
මත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් 19 වැළැක්වීමේ එන්නත ලබාදීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ පවසනවා.

දුම් පානයට ඇබ්බැහිවූවන්ගේ පෙනහලු අක්‍රිය වීම සිදුවන බැවින් එය ඔවුන්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් කරන අතර කොවිඩ් 19 ද ශ්වසන පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයක්.

මේ හේතුවෙන් දුම් පානයට ඇබ්බැහිවූවන් කොවිඩ් 19 රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින අතර ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත යොමුවීමේ සහ මරණයට ගොදුරුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මත්පැන් හා දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන බැවින් එන්නත්කරණය තුළින් රටේ උද්ගතව ඇති වසංගත උවදුර මැඩපැවැත්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නොහැකිවනු ඇතැයි ඔහු සඳහන් කළා.

එමෙන්ම මත්පැන් හා දුම්වැටි භාවිත නොකරන අයට මෙම එන්නත් ලබාදීම වඩාත් ප්‍රතිඵලදායක බවයි ආචාර්ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කළේ.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් එන්නත ලබාගැනීමෙන් අනතුරුව අවම වශයෙන් මාස 6ක් ගතවන තෙක් හෝ මත්පැන් දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිය යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top