ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති කොවිඩ් ප්‍රභේදයක් මෙරටින් සොයාගැනේ.
Friday, 12 February 2021 - 13:03 | Views - 1,445
බ්‍රිතාන්‍යයේ පැතිර යන ඉහළ ප්‍රචාරණ හැකියාවක් සහිත බී 1-1-7 කොරෝනා වෛරස් ප්‍රභේදය දිවයිනේ ස්ථාන 4 කින් හඳුනාගෙන තිබෙනවා.

කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව ප්‍රදේශවලින් ලැබුණු ආසාදිතයන්ගේ සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

මෙම වෛරස් ප්‍රභේදය මගින් ආසාදිත සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් එය පැතිරුණු රටවල දක්නට ලැබුණා.

එමෙන්ම, මෙම වෛරස් ප්‍රභේදය ලොව පුරා නව කොරෝනා රැල්ලක් ඇති කිරීමේ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයන් ද පවසා තිබෙනවා.

මේ වනවිට මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය ලොව රටවල් 50 කට පමණ පැතිරී අවසන්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top