ජාවාරම්කරුවකු පසු පස පැන්නූ සංරක්ෂණ නිලධාරියාට වුණු අලි ඇබැද්දිය..
Friday, 12 February 2021 - 12:28 | Views - 335

පුත්තලම වන්නියාගම රක්ෂිතයේ වැලි ජාවාරම්කරුවකු පසුපස හඹා යමින් සිටි වන සංරක්ෂණ නිලධාරියකු වන අලියකුගේ ප‍්‍රහාරයකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ වන අලි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ වන්නියාගම රක්ෂිතයේ බීට්ටු වන නිලධාරියා වන ජේ. ජේරම්සන් නැමැති අයෙකුයි.
වන අලි ප‍්‍රහාරයට ලක්වූ වන සංරක්ෂණ නිලධාරියා ඔහුගේ සහායක නිලධාරියා සමග යතුරුපැදි දෙකකින් වන්නියාගම රක්ෂිතයේ සිදු කරන වැලි ජාවාරමක් සොයා බැලීමට ගමන් කරමින් සිටියදී මෙසේ අලි ප‍්‍රහාරයට ලක්ව ඇති බව සදහන්. අදාල බීට්ටු වන නිලධාරියා පොලිසියට පවසා ඇත්තේ රක්ෂිතය තුළට ගමන් කරමින් සිටි වැලි ජාවාරම්කරුවකු පසුපස ගමන් කරමින් සිටියදී එකවර අලියා ඉදිරියට කඩා වැදීමත් සමග යතුරුපැදිය පෙරලී අලි ප‍්‍රහාරයට ලක්වූ බවයි.
ඉදිරියෙන් ගමන් ගත් තම නිලධාරියා අලියා දැකීමත් සමග යතුරු පැදියෙන් වැටුණ බවද තමන් යතුරුපැදිය නවතා ගෙන රැඳී සිටි බවද අලියා වැටී සිටි නිලධාරියා පාගා දැමීමට උත්සහ කිරීමේදී තමන්ගේ කෑගැසීමත් සමග වන අලියා කුලප්පු වී ඉවතට දිව ගිය බවද අනෙක් නිලධාරියා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
පුත්තලම වන සංරක්ෂණ නිලධාරින් කඩිනමින් වන්නියාගම රක්ෂිතයට ගොගියස් අනතුරට ලක්ව සිටි බීට්ටු වන නිලධාරියා කඩිනමින් පුත්තලම මූලික රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබෙන බවද වැඩිදුරටත් සදහන් වනවා.
අමරනන්ද විජේසේකර - මහවැව
දිවයින
Share This Article